2014-11-30

ඔන්න ලොකු පුතේ මං බොට ණය නැ



බොලාට මතකද මං අර ඉස්සර පැල් බැදගන බ්ලොග් ලියන කාලේ ලියාපු ‘‘උඹ වෙලාවට නාව නං‘‘ කතන්දරේ . ඔව් ඔව් අපේ අම්මා අර දිවියලෝකේ එලිපත්ත උඩ ටික වෙලාවක් වාඩිවෙලා උන්න කතන්දරේ තමා , අද කියන්ඩ යන්නේ අපේ අම්මා ජීවිතේට කරපු ලොකුම ගොංකම ගැන .

ඔන්න ඉතින් ඒකාලේ මට ඔය මොනවහරි ගලවන්ඩ හදන්ඩ නිර්මානේ කොරන්ඩ තියනවනං වෙන මොකවත් ඕන නැනේ , කාලෙන් කාලෙට එන වසන්ගත මං ඕනවටත් වැඩිය බදාගන හැල්මේ දුහනව , ආයේ ඉතින් කෑමක් බීමක් නින්දක් නැ . මොකක් හරි කොරනකොට පුරස්නයක් ආවද ඒක විසදගන්න කං මං නෙමෙයි පස්ස බලන්නේ ,

ආයේ ඉතින් බයිසිකලේ ගලවල කෙලව ගත්තනං විංකලේ අංකලයත් එක්කම දවසම එතන ඉදල හරි හදන විදිහත් බලාගන අයින් කරපු කෑල්ලක්  ඉල්ලගන ඇවිත් ගොඩදාල මිසක් පස්ස බලන්නේ නැ , ඒ කාලේ සමහරක් කාර්මිකයෝ , මේසන් බාස්ලනං මම වැඩ පොලක් කරන තැනකට එනවටත් කැමති නැ , ඇයි ඉතින් ඒකල වැඩක් කොරගන්ඩ යැ , මම අහන එව්වට උත්තර දෙනව ඇර ,

හිතමුකෝ කොහේහරි පොල් ගහක් කපනව කියල , ගහ කපන්ඩ ඒ මනුස්සය දාන කට් එකත් මට හෙන පුරස්නයක් ,

‘‘ අංකල් ඇයි මේ පැත්ත ඉස්සෙල්ලා කැපුවේ ‘‘

‘‘ ඉතින් ඒ පැත්තෙන්ම කැපුවනං ඉවරයිනේ මොකට දෙපැත්තක් කපනවද ‘‘

ඔන්න ඔහොම ඉතින් මගේ විමසිලිමත් දැස්

අද කාලේ කොල්ලො ගත කරන්නේ මොන ජීවිතද කියල වෙලාවකට මට හිතෙනව ඉස්සර කොල්ලො කාලේ කරපු කියපු දේවල් මතක් වෙනකොට , මොනතරම් නිදහස් සුන්දර ජීවිතද අපි ගතකලේ , අනික ඒ නිදහස හින්දම එක එකා ඇතුලේ එක එක ප්‍රයෝගික දක්ෂතා මතුවෙච්ච හැටි , ජීවන කුසලතා වර්ධනය වෙච්ච හැටි මතක් වෙනකොටත් හරිම ආශ්වාදජනකයි.

ගහකට නැගගන්ඩ , පැලෙන්නේ නැතුව කුරුම්බයක් බිමට දාන්ඩ , දර කෑල්ලක් පලාගන්ඩ , ස්පාක්ප්ලග් එකක් ගලවල සුද්ද කරල හයිකරගන්ඩ , ඇන්ටනාවක් හයි කරගන්ඩවත් බැනේ දැන්  ඉන්න එකාලට .

ඇයි ඉතින් ගහක් කපන තැනක , ගෙයක් හදන තැනක  බලාගන ඉන්නව බැහැල ඉන්න කෑල්ල දැක්කොත් චාටර් කියලනේ හිතාගන ඉන්නේ. අනේ ඉතින් තමන් ගෙයක් හදන දාට තමා කොල්ලටයි , කෑල්ලටයි දෙන්නටම කෙලවෙන්නේ . අවුරුදු  විසිපහක් හම්බකරකර ගෙවන්ඩ ගත්ත ඉඩමේ  දෙන්නම ගන්ඩ පුලුවන් ඔක්කොම ණය අරගන පොදි ගහපු සල්ලි මල්ල දියකරල බාසුන්නැහේ බාසුන්නැහේ සීහින මාලිගාව ඉදි කෙරුවට පස්සේ තමයි නුවන පෑදෙන්නේ .

2014-11-05

මල් සින්දු කියන මල්ලියෙක්ට




නිනව් නැතිව පෙමින් වෙලි අපි ඇවිද්ද මේ         මාවත
ඇගිලි තුඩින් ඉලිප්පෙමින් හාදු දුන්න ඔබ මා        වෙත
පාලුව කෝ කොහෙද ගියේ සෙමරසැලු දෙදෙනා වෙත
නුඹේ සුවද හද පතුලේ ගැඹුරු කොනක පිරිලා     ඇත

මල් වැට නැ පාරදිගේ ගල් බැම්මක් බැදිලා           අද
ඇලපාරෙත් ලස්සන නැ කාණු වතුර          වැටිලාමද
එදා තිබුන නී හඩ නැ බස් රථයක්                දුහලාමද
ටික දිනකින් නුඹ නාවේ මේ වෙන දේ      දැනිලාමද

මගහැරගිය මේ පාරෙම බස් රථයට        නැගෙනාවිට
දරාගන්න බැරි වෙනකොට හිත වරදින්  පෙලෙනාවිට
කවුළු දොරෙන් අනන්තයේ ඇත ඉමක්   සොයනාවිට
පෙරට වඩා හිත රිදෙන්නෙ ඔබ මා මග       හරිනාවිට


Popular Posts

Configure Search Box

html-generator

https://www.html.am/html-generators/image-code-generator.cfm

යාවත්කාලීන වන සිංහල බ්ලොග් අඩවි දහසක් ඇතුලත්ව ඇත , තව දුරටත් කියවීමට Show All ක්ලික් කරන්න.

ඔබගේ සිංහල බ්ලොග් අඩවිය මෙම එකතුවට ඇතුලත්ව නැත්නම් kandevidane@gmail.com වෙත දැනුම් දෙමින් සිංහල බ්ලොග් අඩවි සියල්ල එක් තැනකට එක්කිරීමට සහයෝගය දක්වන්න.

comments active links


<a href="LINK HERE"> WORDS HERE</a>