‘‘ මම දැං කී ගමනක් කියුවද ඔය වැඩේ කරන්ඩ එපා කියල , අම්මප කෝටුවක් ගත්තොත් දෙනව හොද පාරවල් දෙකක් පස්ස පැත්තේ ඉරිහිටින්ඩ ‘‘
‘‘ මට ගහන්ඩ ...ඔයාට බැ මට ගහන්ඩ ‘‘
‘‘ ඇයි මොකද තාත්තට බැරි ඔයාට ගහන්ඩ ..අම්මල තාත්තලට පුලුවන් ළමයි වැරදි කලහම දඩුවං කරන්ඩ ‘‘
‘‘ ඔයාලයි මට බයවෙන්ඩ ඕන ...මට ගහන්ඩ බෑමයි ...බනින්ඩත් බෑමයි ‘‘
‘‘ අර දැක්කා නේද ..හැම වෙලාවෙම ඔහොමයි මූන දිහා බලාගන ඉදල යනවා යන්ඩ ...ඔයා මම කියන එක පිලිගන්නෙම නැනේ...ඔය ඔයාගේ අක්කම තමයි ‘‘
‘‘ පිස්සු විකාර කියවන්නේ නැතුව ඉන්ඩ අනේ .....ඔය පොඩි කමටනේ අනිත් වෙලාවට ඔය හොදට හුරතල් වෙවි ඉන්නේ ‘‘
‘‘ ඉතින් ඔයානේ කියවන්නේ ...මේ කෙල්ල මාව ගනන් ගන්නේ නැය ...බල්ලට දාල කතා කරනවය අරකය මේකය කියල ....ඔන්න දැං ගිහින් බලන්ඩ කොහේ හරි මුල්ලකට වෙලා තනියම කියව කියව ඇති ....එක්කෝ බලාගත්ත අත බලාගන ‘‘
‘‘ ඒක එහෙමනං ඔය පෙර ආත්මේ කියවන අනිත් ළමයි වාගේ මේ ළමය කියවන්ඩ එපැය මං අරහේ හිටියය ..මෙහෙම කරාය ...අතනදි මැරුනය කියල......දැං මම මෙහෙම කියුවයි කියල ගිහින් කෙල්ලගෙන් අරව මේවා අගිස්සවනව නෙමෙයි හරිද ‘‘
‘‘ අනේ මං ඔයා තරං මෝඩ නැ ...එහෙම හැම ළමයම පෙර ආත්මේ කියන්නේ නැ අනේ .....ඒ උනාට සමහරක් එහෙම කෙලින්ම නොකිවට ඔය වගේ එක එක විදිහට ඔව්වා පෙන්නනවා , බලන්ඩ ඔය වයසේ ළමයි කරන කියන දේවල්ද කරන්නේ ......හැම දෙයක්ම හොදට තේරෙනවා....අනික බලන්ඩ නොතේරෙන වයසේ ඉදන් අක්කගේ ළමයින්ට එකතුයි ...මතකද ඇබින්දං කාලේ ඉස්සෙල්ලම ලොකු පුතාව දැක්ක ගමං අතට පැනල හුරතල් වෙච්ච හැටි ‘‘
‘‘ ඒ කොල්ලා පොඩි ළමයින්ට ආදරෙයි කොයි පොඩි එකත් දැක්ක ගමං අතට පනිනවා ‘‘
‘‘ ඔයාලැ අක්ක ඔයාට හරි ආදරෙයි මා එක්ක ඉස්සර කොච්චර කියවනවද ඔයා ගැන පොඩි කාලේ කරපු කියපු දේවල් එහෙම , අනික මටත් හරි ආදරෙයි , ඔයාලගේ ගෙදර අනිත් මිනිස්සු වගේ නෙමෙයි ..පුදුම මනුස්සකමක් එයාලග තිබුනේ ....මතකනේ අප කසාද බැන්ද අලුත අපිට එහේ ඇවිත් ඉන්ඩ කියවා ‘‘
‘‘ හයියෝ සංසාරේ එ් තමුසෙට ආදරේට නෙමෙයි ඔයි ....එයාගේ පාලු කපන්ඩ ‘‘
‘‘ අනේ මෙහෙම මිනිහෙක් ...දිවේ කටේ නොගෑවි කියන ලස්සන ‘‘
‘‘ වෙන කොහොම කියන්ඩද විකාර කියවනකොට ‘‘
‘‘ විකාර නෙමෙයි අනේ අර අපි අන්තිමට අක්කව බලන්ඩ ගිය දවසේ මතකද ඔයාට , පාස් දෙකෙන් තුන්දෙනෙකුට යන්ඩ දෙන්ඩ බැ කියල ඔයාලගේ අම්මවයි මාවයි ඇතුලට ඇරල එලියට වෙලා හිටපු වෙලාවේ අක්කා ඔයාව බලන්ඩ ඕන කියල කොච්චර විස්සෝප උනාද , ..කොහෙද ඔයාගේ තියන පංඩිත කමට අර ...සල්ලි දෙන්ඩ ඇතුලට එක්කං යන්නං කියුව ඉස්පිරිතාලේ වැඩකරන මනුස්සයටත් බැනල පන්න ගත්තනේ ‘‘
‘‘ ඒ යකා ඒ වෙලාවෙත් සර්ජිකල් ස්ප්‍රීට් ගහලයි හිටියේ ...සල්ලි නෙමෙයි දෙනව මං උන්දැට ‘‘
‘‘ ඔයා හැමදාම වරද්ද ගන්නේ ඔය ගතිගුන හන්දම තමා ...එදා එහෙම නොකරන්ඩ අක්කා එක්ක වචනයක් දෙකක් කතා කරනවා නේද ‘‘
‘‘ අයියෝ දැන්වත් ඕක නවත්ත ගන්නවකෝ ‘‘
‘‘ නැ අනේ කියන එක අහන්ඩකෝ මට හැමවෙලාවෙම ඔව්වා මතක් වෙනවා , අක්කා නැති උනා කියල ආරංචි වෙච්ච ගමං මට හිතුනේ......අනේ මගේ දරුවෙක්වෙලා ඉපදෙන්ඩ කියල..........අක්කගේ මිනියට වැදලත් මම හිතුවේ එහෙම , ඊට පස්සේ එයාව මතක්වෙන මතක්වෙන ගානේ ...මම හිතින් කියන්නේ මගේ ලගටම එන්න කියල , ......අමතකයිද අපි මේ ගේ හදාගන එන්ඩ ලංවෙලා මං බෙහෙත් පෙත්ත ගන්න එක නවත්තලා ටික දවසක් හිටියා ......ඊට පස්සේ මේ ගෙදරට ආවා ....අපි එකට හිටියේ හරියටම එක දවසයි ....ඔයා ආයෙත් වැඩට ගිහින් ආවේ මාසයකින් විතර ...තව සතියකින් දෙකකින් විතර අපි දැනගත්තේ බබෙක් ඉන්නවා කියල ‘‘
‘‘ මේ ඒක නෙමෙයි අපි තේ ටිකක් බොමුද ‘‘
‘‘ තාම තුනයිනේ කාපු බත් ඇට ටිකවත් පෙරලිලා නැනේ ‘‘
‘‘ ඔන්න ඔහේ තේ ටිකක් බොමු අනේ ‘‘
‘‘ මතකද ඉපදිච්ච ගමන් කෙල්ලගේ පපුවේ තිබුන ලොකු ලපය , දැං එහෙම එකක් තිබුනද කියලවත් නැ ටික ටික මැකිල ගිහින් ...ඔහොම හදිසිසියේ මැරෙන අයගේ රිදුන තැන්වල එහෙම ලප හිටිනවලු .....එවා පස්සේ කාලේ ටික ටික මැකෙනවලු ‘‘
‘‘ ඔය වැඩකට නැති දේ හිතන්ඩ එපා ...ගිහිල්ලා බලන්ඩ අරය කෝ කියල ....සැහෙන වෙලාවකින් සද්දයක් නැ ...මොනවහරි ලොකු වැඩකට අතගහල ඇති ‘‘
‘‘ ඔයා කොච්චර කියුවත් පිලිගන්නේ නැ නේ , මතකද ඔයාට එදා අක්කා නැති වෙච්ච දවසේ උදේ නැගිට්ට වෙලාවේ ඉදන් මගේ ඇගට කිසි පණක් තිබුනේ නැ , ඔයාට බත් එක උයලා දුන්නෙත් අමාරුවෙන් වැඩට ගිහින් ටිකකින් ඔයා මට කෝල් කරල කියුවා ......වැඩකරන්ඩ හිතෙන්නේ නැ මහා කම්මැලියි ඇගට නිකං මොකදෝ මොකදෝ වාගේ කියල ........එතකොට මං කියුවා මටත් මහ නිදිමතක් දැනෙනවා අනේ ....මේ ඇදට වෙලා ඉන්නේ කියල ......අසනීපයකටවත් දවල්ට නිදියෙන ගෑනියෙක්ද මං ....ටිකකින් මට නින්ද ගියා .....ඔයාලගේ අක්කා ආවා ..මාත් එක්ක හොදට හිනාවෙවි කතා කරකර හිටියා .....ටිකකින් මම කුස්සියට ගිහින් තේ එකක් හදාගන ඇවිත් බලනකොට අක්කා නැ ....‘‘
‘‘ අපි දෙන්නා ඔය ගැන දහස් වාරයක් කතා කරල තියනවා මයේ හිතේ ‘‘
‘‘ ඔයා කොච්චර කියුවත් ඒක හීනයක් උනාට ඇත්ත වගේ ......අපේ දුව ඔයාගේ අක්කම තමයි.....‘‘
.................................................................
//‘‘ ඔයා කොච්චර කියුවත් ඒක හීනයක් උනාට ඇත්ත වගේ ......අපේ දුව ඔයාගේ අක්කම තමයි.....‘‘//
ReplyDeleteමමත් නිතර හිතන දෙයක් තමයි අපට ගොඩක් ආදරෙන් , හිතවත් කමින් හිටී අය ( ඉස්කෝලේ යාලුවෝ , නෑදෑයෝ වගේ ) අකාලයේ මියගිය පසු ඒ අය අපේ දරුවන් වෙලා ඉපදුනා වත්දෝ කියලා.. පුනරුප්පත්තිය ගැන බොදුනුවෙක් හැටියට විශ්වාස කරන්නෙක් හැටියට මේක වෙන්න බැරි දෙයක් නෙවෙයි. අනික එහෙම නොවුනා වුනත් තමන්ගේ දැරුවා තමන් ලඟට ආ පරණ යාලුවෙක් , නෑදෑයෙක් විදිහට හිතලා සලකන එක කොච්චර හොඳ දෙයක්ද? අටම් අතින් මේ රටාවේ ලියවිලි වැඩිය ලියවෙවා!! ජය පහට ලියලා තියෙනවා...
බුදු දහමෙ පුනරුප්පත්තිය කියල දෙයක් නෑ. මොකද ආත්මය කියලා දෙයක් නැතිනිසා. නමුත් සිත හෝ විඥ්ඥානය එක භවයකින් තවත් භවයකට යනවා කෙලෙස් නිසා. මේ භවයෙන් ඊලඟ භවයට යන්නෙ ඒ කෙනාම නොවන බවත්, (ආත්මයක් නැතිනිසා), නොවන්නෙද නොවන බවත් (විඥ්ඥානයෙ සම්බන්දකම නිසා) බුදු බනයි. භවයෙන් භවයට යන්නෙ කර්ම විපාක පමනයි, පෙර චරිතය හෝ ප්‍රතිරූපය ගෙනයෑමක් නෑ.
Deleteඇනෝ,
Deleteමට මේක පැහැදිලි කරගන්න ඕනා තැනක්. පුළුවන්නම් උදව් කරන්න.
කර්ම විපාකය විතරක් භවයෙන් භවයට යනවා කියන එක පැහැදිලි මදි. මම කරණ ක්‍රියාවල විපාක මට පටිසන් දෙනවනම් කර්ම විපාකය පටිසන් දිය යුතු නිශ්චිත යමක් ඒ සමඟ ගමන් කරනවා නොවේ ද ? ඒක ආත්මය නෙමේ ද ?
මම කියවල තියෙන්නෙත් ඔය ඉහත ඇනෝ කියූ එකමයි. පුනරුත්පත්තිදී උපදින්නේ ඔබත් නොවේ. වෙනේකෙකුද නොවේ කියල.
Deleteමේක වෙන්න පුළුවන් මගේ දැනුමට අනුව. කර්මය අනුව තමයි භවය හැදෙන්නේ. නමුත් ඒ වෙලාවේ උපාදානය කරගන්නේ තමන් ආදරේ කරන කෙනෙක්. ඉතින් ඒ අනුව මතු භාවය ඒ උපාදානය කල කෙනා සමග සම්භන්ද වෙනවා. (උපාදානය යනු තදින් අල්ලාගැනීමයි).
Deleteඉතින් තමන්ගේ මල්ලිට දැඩිව ආදරේ කලානම් ඒ අනුව මතු භාවය නිර්මාණය වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ. පෙර පුරුදු එහෙමත් එන්න පුළුවන් භවයට.
මේ භවයෙන් ඊලඟ භවයට යන්නෙ ඒ කෙනාම නොවන බවත්, (ආත්මයක් නැතිනිසා), නොවන්නෙද නොවන බවත් (විඥ්ඥානයෙ සම්බන්දකම නිසා) බුදු බනයි කියන එක හරි. නමුත් පටලව ගන්න එපා. ඒ විදියට බැලුවොත් මම කියල කෙනෙකුත් ඇත්තටම නැ. නමුත් සම්මුති වශයෙන් එක පවතිනවා. සම්මුති සහ පරමාර්ථ වශයෙන් දෙකක් තියෙනවා..
ඔය පුනුරුප්පත්තිය ඇත්ත වුනත් බොරු වුනත් අපිට එකෙන් වැඩක් නැ. බෞද්ධයෙක් වශයෙන් කරන්න ඕන භවය නවත්වාගනුමට උත්සහ කිරීමයි, වීර්ය කිරීමයි.
සසර හරිම බියකරුයි! අපිට මවක්, පියෙක්, සොහොයුරෙක්, බිරිදක්, ස්වාමියෙක් නොවුන කෙනෙක් මේ ලෝකේ නැ. අපි මරණ මදුරුවා වුනත් මොනයම් හෝ ආත්මයක අපේ මවක් වෙලා ඉඳල තියෙනවා. බලන්න සසර කොච්චර බියක්රුද කියල.. හැකි ඉක්මනින් සසරෙන් එතෙර වෙන්න බලමු.
සියල්ලන්ටම තෙරුවන් සරණයි!
බුද්දාගං කාරයෙක් විදිහට මම දුක්කදායක සසරට බයයි , හැක් හැම විටම නිවැරදි වෙන්න උත්සාහ කරනවා
Deleteමාත් අහල තියෙනව හදිසියේ මැරුණම තුවාල එක්ක, ඒ තැන් වල කලු පාටින් ලප වගේ සලකුණු හිටිනව කියල. බුදු දහමෙ විදියට නැවත නැවත ඉපදෙන එක ඇත්තකොට, තමං ආදරේ කර කර හිටපු තැනකම, කෙනෙකුගෙම වෙලා ආයෙ ඉපදෙන එක පුදුමෙකුත් නෙවෙයි නේ...
ReplyDeleteහම් බටහිර රටවල් වල සං බටහිර ජාතිකයන් ලංකාවේ පර්යේෂන පවා තියනවා මේ ගැන
Deleteමේක ටිකක් ගැඹුරු මාතෘකාවක්.ගොඩක් පර්යේශණ සිදුවෙනවා.අපේ නංගිත් පොඩි කාලෙ කියෙව්වා.
ReplyDeleteඇ ඇැැැැැැ උඹට බැන්නද
Deleteමේකනං හරිම භයානකයි වගේ.
ReplyDeleteඔව් ඉන්න කාලේ ටිකක් කතා බහකරල හිටහං
DeleteNo comments
ReplyDeleteහම් ...එහෙනං උඹ ලොකු මාමව කියවනවා ......අපිට කතා කරන්න....පුලුවන් මේ ගැන ගොඩක් දේ ...ලොකු පුතේ
Deleteපොඩි එකාට මේවා ඔලුවට දානව එහෙම නෙවෙයි ඕං..උඹේ මනස්ගාත උඹ තියාගං....පොඩි එකාට ඔහේ හැදෙන්න දියං....
ReplyDeleteඑහෙම තමා ඉතින් කොහොමත් ...ඔන්න තියනව ඒවාට සාක්කි ...මේකට උඩින්
Deleteසන්හිඳ ළඟ බාරයට කිරි ඉතිරී ම
ReplyDeleteකෙම්වර දවස්වල පානින් සැරසී ම
වන අතු කඩා ගස් දෙබලක දැවටී ම
මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහී ම
විමලරත්න කුමාරගමයන්ගෙ අයියනායක කවි පන්තියේ එන ලස්සන කවියක්. තැන්ක් යු ආපහු මතක් කරාට.Aru
Deleteසදාතනික කවි පංතියක්.. පුදුම මිහිරක් තියෙන්නෙ.
Deleteඉස්සර පාඩං කවි පන්තියම මේ ලගදි කෙල්ලන්ට වැඩ පෙන්වන්ඩ ගිහින් පද අමතක වෙලා කෙලවා ගත්තා
DeleteHangover එකකට සමානයි වගේ නේද?
ReplyDeleteම් ම්ම .......
Deleteතේරුම් ගන්ඩ බැරි ගුප්ත කමෙන්ට් කරයා , අර ඒ වාගේම බ්ලොග් කාරයා එක්ක එක ගලක බැදලා මාදින්නා ගොඩ පාලමෙන් පල්ලෙහට දාන්ඩ ඕන
DeleteAmmo
ReplyDeleteබයයි තමා
Deleteඒ යකා ඒ වෙලාවෙත් සර්ජිකල් ස්ප්‍රීට් ගහලයි හිටියේ ///
ReplyDeleteසර්ජිකල් ස්ප්‍රීට් වදිනවද බං..........
මාත් ඔය කේස්නන් ගොඩක් අහල තියනව ....රචනයට මම මනාපයි..
ටිකක් ගහලා බලහං
Deleteවයස අවුරදු 4 - 6 වෙනකල් කාලයේ දී පුංචි ළමයි පුනරුත්පත්තිය කියවවනවා කියල තමයි කියන්නේ.
ReplyDeleteමගේ නෑදෑ වෙන අයිය කෙනෙක් 2007 දී ආමි එකේ ඉදලා වැලි ඔය දී මැරුනා. එයා හීනෙන් ඇවිත් එයාගේ අම්මාට මෙහෙම කියුවාලු.
“අම්මා දුක් වෙන්න එපා. මං අම්මාගේ මුනපුරෙක් වෙලා එනවා. අම්මට මාව අදුන ගන්න පුලුවන් වේවී. වෙඩි වැදුන හැම තැනකම ළප තියේවී."
කියුවාලු. ඒත් එයා ඒක ගනන් අරන් නැ. ඉතින් ඊට කාලෙකට පස්සේ මේ මැරුණ අයියාගේ අක්කාට දරුවෙක් ලැබුනා. එයා නාවනකොට තමයි දැකලා තියෙන්නේ අර කියුවා වගේ ළප ඇඟ හැම තැනම තියනවා කියලා. දරුවා ලොකු උනාට පස්සේ තවත් දෙයක් වෙලා තියනවා. අර අයියා කැමති අකමැති දේවල්, හැසිරීම් රටා වගේ ගොඩක් දේවල් මේ දරුවා තුළත් තියනවා කියලා. තාමත් එහෙමයි. හැබැයි මේ දරුවා කලින් ආත්මේ මොනම වෙලාවකවත් කියලා නෑ... අර වගේ දේ විතරයි...
මේ කතාවත් අපූරුයි...
වෙන්න පුළුවන් දෙයක් බං.. මමත් මෙහෙම දේවල් අහලා තියනවා
ReplyDeletepunaruppaththiya kyanne wenna puluwan deyak .
ReplyDeleteකොමෙන්ට් කියෙව්වම හිතෙනවා එකෙක්වත් පොස්ට් එක කියෝලා නෑ කියලා.. :) ශාන්ත කේ. හේරත් බ්ලොග් එකක් ලියන බව මම දැනගෙන උන්නේ නෑ. උඹ කලින් දන්නවද?
ReplyDeleteනෑ බං මේක අටමා ලියපු එකක්.
Deleteහුටා.. එතකොට මොකක්ද මූ පහලින් ලින්ක් එකක් දාල කරේ.. ඒ කියන්නේ මම හරියට පෝස්ට් එක කියෝලා නෑ.. :)
Deleteඇද්ද බොට....
Deleteඇද්ද බොට....
Deleteලේබලේ තියෙන්නේ මම ලියපු කෙටි කතා කියල
Deleteකමියා,
Deleteඋඹ බීලද ? කොහෙද ලින්ක් එකක් !??
සර්ජිකල් ස්පිරිට් රහද බං.
ReplyDeleteමේක ඔරිජිනල් අටම් ස්ටයිල්..
ReplyDeleteශා.කේ.හේ. ගෙ ලිංකුවත් ඒකටම ඈඳපු නිසා පැටලුනා ටිකක්.
ඒ ඔත්තුවටත් පිං.
අටමා......ශාන්තගේ ලින්ක් එකට තුති. ඒක කියවන්න වටිනවා. මොකද ඇත්තටම මාධ්‍යවේදීන් යැයි කිව හැකි සුන්දර මිනිසුන් ගැන ලියවී තියෙනවා. ඒක සතුටක්!!!Aru.
ReplyDeleteලේ පාට හීන නමින් තවත් සුන්දර බ්ලොග් එකක්. ගිහින් බලන්න.
ReplyDeleteදැක්කා දැක්කා
Deleteඔයා දැක්කද මේක
මහින්ද සමග අරලියගහ මන්දිරයේදී
ඉයන් ට ඒක පේන්නේ නැතිලු...
Deleteඉත්තූතියි ඈ ඉයන්...
Deleteඅවදි වෙලා අවදි වෙලා....අටමා අවදි වෙලා... පුරුදු ගතියක් දැනෙන්නම තියෙනවා.. එල කිරි.
ReplyDeleteජයවේවා..!!
හුගක් ඔය වාගෙ කතා අහල තියෙ අටං අයියණ්ඩි.
ReplyDeleteඅර පේමවතී මනංපේරි ගෙ පුනරුත්පත්තිය මතකද. ඔය රත්නපුරේ ලෙල්ලොපිටිය පැත්තෙ හෙන පේමස් සීන් එකක් වුණා..
හෙහ්.. අපූරු ලියවිල්ල...
කෝ අර කියල තියෙන ශා. කේ. හේරත් ලිංක් එක අයිං කලාය...
අර අම්මට තියෙන්න ඇත්තෙ අකක ගැන ආදරේ හිංද අහපු දැකපු දේ වල පුනරූපනයක් වෙන්න පුලුවං කියල හිතෙනව. සමහර විට ඇත්තද දන්නෙත් නෑ. නේහ්..
ලියවිල්ල නං රහයි
ජයවේවා
මාත් ඔය කතා දෙක තුනක් අහල තියෙනවා.. කාලයක් ටෙලිවිසොන් එකේ ඔය වගේ සීන් නැගලම ගියා මතකයි....
ReplyDeleteඑදා අජිත්ගෙ හෝටලේ සෙටුන දවසෙ කටුස්සත් ඔයවගේ කතාවක් ඌ ගැන කිව්ව වගේ මට නිකං හීනෙන් ගෑ මුදු සුවඳක් වගේ මතකයි ....
ReplyDeleteමං අහල තියනව වැඩිපුර කුනුහරුප කියවන්නෙ ගිය ආත්මෙ යක්කු මල පෙරේතයො වෙලා හිටිය උං කියල ..
මට නං ඕව ගානක් නෑ ...
අඩෝ ඇනෝ තෝ ඔය ඉල්ලගෙන කන්න හදන්නේ...
Deleteගිය ආත්මේ ගැන නම් දන්නේ නැහැ, හැබැයි හොඳට ගසපු දවස් වලට මගෙත් මනෝකාය කොහේ හරි ගිහින් ඉඳල එනවද කොහෙද...
ReplyDeleteමෙලෝ දෙයක් මතක නැති වෙලාවල් තියෙනවා...
ඔය වගේ කතන්දර නම් ඕන තරම් අහල තියෙනව අටම් අයියා. ඒවයෙ සත්‍ය අසත්‍ය තත්ත්වය හරියටම දැනගන්න ඉතිං ක්‍රමයක් නැති නිසා විශ්වාස කරන්න හෝ නොකරන්න හදිසි වෙන්නෝන නෑ මම හිතන්නෙ. ඒ ගැන නොහිතා කාලයට ඉඩ දීල බලා ඉන්න එක තමයි හොඳම වැඩේ.
ReplyDeleteඅපූරු කතාව අටම්! අත්දැකීමක්වත්ද?
ReplyDeleteරිය අනතුරකින් නැතිවුණ පුතා වසර කිහිපයකට පසුව එම දෙමවුපියන්ටම දුවෙක් වෙලා ඉපදුණ අත්දැකීමක් අපේ අම්මාගේ පැත්තේ ඥාතියෙකුට තියෙනවා. මේ සිද්ධිය ගැන ඒ දිනවල ලොකු කතාවක් ගියා පවුලේ. වෛද්‍යවරුන් පවා එම දැරිය පරික්ෂාකරලා පුදුම වුනා කියල තමයි කියන්නේ. කෙල්ලට හොඳ නැහැ කියලා බොහොම අමාරුවෙන් මේ කතාව ඒ දවස් වල මාධ්‍යයෙන් වසන් කරගත්තා.
ඔව්වායේ ඇත්ත,නැත්ත කෙසේ වෙතත් ඔය වගේ කතන්දර නම් සෑහෙන අහලා තියෙනවා.හැබැයි ඔය පෙරභාවය කියන පොඩි උන් ලොකු උනාම ඒ ගැන කියන්නේ නැත්තේ ලොකු වෙද්දී එව්වා අමතක වෙන නිසාද?නැතිනම් ඒ පෙරභවය ගැන පොඩි උන් කතා කරන්නේ දෙමාපියන් දැනුවත්ව හෝ නොදැනුවත් කරන පෙළබවීමක් නිසාද ?
ReplyDeleteපුනරුප්පත්තිය ඇත්තක් නම් මහජනයාගේ දේපොළ හුරා කන උන්ට අබ සරණයි...
ReplyDeleteඅටමෝ ඇයි බං බය හිතෙන කතා ලියලා තියලා උඹ අතුරුදහන් වෙන්නේ...... මේවා දවල්ට කියවන්න කියලා අපිට කලින් ම කියන්නයි..... දැන් ඉතින් හිතහංකෝ කොහොමද රෑට නිදාගන්නේ කියලා.......... බයේ බෑ.............
ReplyDeleteආ..හුඟ කාලෙකට පස්සෙ අටමගෙම කතාවක්ද????
ReplyDeleteලියවිල්ල පස්ටයි..හුඟ කාලෙකින් ලියපු එක ඊට වඩා පස්ටයි
මේකෙ තව කොටසක් තියෙයිද??
ReplyDeleteතව කොටසක් තියෙනවා වගේ
ReplyDeleteඋඹ මුලු කතාවම ගොඩනගලා තියෙන්නේ දෙබස් වලින් විතරමනෙ.. ඒකත් අපූරුයි..
ReplyDeleteමේ ලිවිල්ල නම් සුපිරි !
ReplyDeleteපුනරුප්පත්තිය විස්වාස කරන්ඩ වෙනව .අහල කියවලා තියන කතා හිංද
මටත් ඔය ගැන යමක් හරියටම කියන්න බෑ.
ReplyDeleteඅටං අයියගෙ සුපුරුදු ලියවිල්ලක්.. සුපිරි ලියවිල්ලක් ඈ.. තව කොටසක් තියෙයිදෝ කියලත් හිතෙනවා.. :)
ReplyDeleteඑච්.එස්.එස්. නිශ්ශංක කියල කෙනෙක් ලියපු නැවත උපන් දැරිය කියන පොතේ මේ වගේ සාක්ෂි සහිතව ඔප්පු කරපු කතා රාශියක් තියෙනවා. මම හිතන්නේ මේක බොරුවක් නෙවෙයි. අටමගේ කතාව අන්තිමට එනකම් හිතුවේ අත්දැකීමක් කියලයි.
ReplyDeleteමේවා තේරුම් ගන්න මැරිලම බලන්න ඕනේ.. :)
ReplyDeleteමාත් නොපෙන්නෙන දේවල් විස්වාස කලේ නේ . මේ ළගදි අපේ යාලුවෙකුගේ වයිපරයක් මායන් වෙනවා දැක්කම තමා හික් ගැවුනේ .....
ReplyDeleteඑකී එක පාර අඩි 15 විතර උඩ පනිනනවා.
Daruwa thawamath e wagemada
ReplyDelete