2017-06-25

මොහොමඩ්


මොහොමඩ් කියන්නේ මම කලින් රැකියාව කල තැන මාත් එක්ක වැඩ කල යාලුවෙක්.

හැසිරීමෙන් මොහොමඩ් සාම්ප්‍රදායික කියල සැලකෙන මුසල්මානුවෙක් නොවන බවයි පෙනුනේ.

සම්පූර්ණයෙන්ම රැවුල මුඩු කල මොහොමඩ්ගේ මුහුණ, මොහොමඩ් සැරසිලා හිටිය නූතන පන්නයේ ඇඳුම්, මොහොමඩ් පාවිච්චි කල වාග් විලාශය, මොහොමඩ්ගේ සිංහල කතා කිරීමේ හැකියාව, උත්සව වලදී මොහොමඩ් හැසිරෙන විදිය වගේ දේවල් දකින ඕනම කෙනෙක් හිතන්නේ මොහොමඩ් මුසල්මානුවෙක් නෙමේ සිංහලයෙක් කියල.

මොහොමඩ්ගේ ආකල්ප පවා ඔහු විසින් හැඳින්වුයේ නූතන ආකල්ප විදියට. ආගම වෙනුවෙන් මිනීමරනා අයිසිස් ත්‍රස්ථයන්ව ඔහුගේ දැඩි විවේචනයට ලක් වීම, බුර්කාව අනිවාර්‍ය කොට නීතියක් කුරාණයේ නැතැයි පැවසීම වැනි ඔහුගේ ආකල්ප අප තුල මොහොමඩ් ගැන ඇති කලේ පැහැදීමක්.

මොහොමඩ් ගැන මේ විස්තර මම සඳහන් කලේ මොහොමඩ් බැලූ බැල්මෙන් සාම්ප්‍රදායික අදහස් දරන මුසල්මානුවෙක් නොවන බව කියවන ඔබට ඒත්තු ගන්වන්නයි.

මේ විදියට අප සැමගේ හොඳම යහලුවකු බවට පත්ව සිටි මොහොමඩ්ගේ අදහස් තව තවත් දැනගන්නට මා තුළ තිබ්බේ දැඩි කුතුහලයක්. අධික කාර්‍ය බහුලත්වය මැද නිදහසේ කතා කරන්න අවස්ථාවක් ලැබෙන තුරු සිටි මට දවසක් ඒ අවස්ථාව ලැබුනේ වාසනාවට වගේ.

මොහොමඩ් ගේ ආගම හා සම්බන්ධ විශ්වාස ගැන කෙටි පිළිසඳරකට මම කල ආරාධනය මොහොමඩ් පිළිගත්තේ ඉතාම සතුටින්. අදාල මාතෘකාව ගැන කතා කල අප සාකච්ඡාවේ මට අමතක නොවනම කොටස වෙත පැමිණියේ විනාඩි කිහිපයකට පමණ පසුවයි.

මම - උඹ කියපු ගොඩක් දේවල් ඇත්ත මචන්. මමත් උඹ එක්ක එකඟයි.

මොහොමඩ් - ඔව් බං. අපේ ගොඩක් උන් ආගම පාවිච්චි කරන්නේ තමන්ගේ වාසියට. තමාට ඕන විදියට ආගම වෙනස් කරගන්නවා. බෙදිලා මරාගන්නවා. ආගම කියන්නේ ඒක නෙමේ බං

මම - ඔව් මචන්. ආගම වුනත් අනිත් උන්ට හානියක් නැති විදියට අදහනවා නම් එච්චරයි.

මොහොමඩ් - ඒක ගොඩක් උන්ට නොතේරෙන එකයි ප්‍රශ්නෙ.

මම - මචන් මට උඹෙන් තව දෙයක් දැනගන්න ඕන.

මොහොමඩ් - අහපන් මචන්.

මම - උඹලගෙ ආගමේ තියෙනවනෙ බං සමහර වැරදි වලට.. ඒ කිව්වේ බඳින්න කලින් ලිංගික හැසිරීම් වල යෙදෙන එකට, සැමියා/බිරිඳ නොවන වෙනත් අය එක්ක ලිංගික හැසිරීමේ යෙදෙන එකට, සමලිංගිකයන්ට එහෙම දඬුවම් දෙන්න ඕන කියලා. ගල් ගහලා මරන්න ඕන කියලා. ඒක ගැන උඹේ අදහස මොකක්ද?

මොහොමඩ් - මෙහෙමයි මචන්. දැනට රටේ නීතියක් තියෙනවානෙ. පවතින රටේ නීතියට උඩින් යන්න එපා කියලයි අපේ ආගමේ උගන්නන්නේ.

මම - නෑ. මම අහන්නේ ඒ දඬුවමට උඹ එකඟද නැද්ද කියලා. ඒ කියන්නේ දැන් අපේ රටේ නීතියක් තිබ්බට.. සම්මතයක් තිබ්බට.. ක්‍රමයක් තිබ්බට, ඒක හොඳම ක්‍රමය කියලද උඹ හිතන්නේ. නැත්නම් අර වැරදි වලට ගල් ගහල මරන විදියේ නීති ගේනවට උඹ එකඟද?

මොහොමඩ් - ඔව්. එකඟයි.

මම - ඒ කියන්නේ උඹ එකඟයි අර කිව්ව වැරදි වලට මිනිස්සුන්ව ලංකාවෙ හන්දි ගානේ ගල් ගහල මරනවට? එහෙම නීතියක් කවදා හරි සම්මත වෙනවට?

මොහොමඩ් - ඔව් මචන්

මම - උඹ හිතනවද ඒ වගේ ක්‍රමයකින් සමාජය වඩාත් යහපත් තැනක් කරන්න පුළුවන් කියල?

මොහොමඩ් - ඔව් මචන්. ඒ දේවල් වලට ඒ වගේ දඬුවම් දෙන්න ඕන.

මම - හරි. මෙහෙම හිතහන්. උඹ කියන විදියට උඹ කියන ඔය නීතිය හෙට සම්මත වෙලා උඹලගෙ ගෙවල් හන්දියෙ ඒ විදියට මනුස්සයෙක්ට ගල් ගහන අවස්ථාවක් ආවා කියලා. උඹත් අරුන් එක්ක එකතු වෙලා ඒ මනුස්සයාට ගල් ගහනවද?

මොහොමඩ් - ඔව් මචන්. ගහනවා.

මම - මෙහෙම හිතහන්. ඒ වැරැද්ද කල කෙනා මම වෙලා උඹ ඒ වෙලේ එතන හිටියොත් උඹ මට මම මැරෙනකල් ගල් ගහනවද?

මොහොමඩ් ඒ ප්‍රශ්නයට උත්තර දෙනවා වෙනුවට කලේ ඔහුගේ මුව මඳහසකින් පුරවාගෙන මගේ පිටට තට්ටු කරමින් එතැනින් ඉවත්ව යාමය. මොහොමඩ් හා මගේ සාකච්ඡාව එතනින් අවසන් විය.

----

අප දෙදෙනාගේ කතාව අවසන් වුනේ මොහොමඩ් වැනි දහස් ගණනක් වූ ලාංකේය මුසල්මානුවන්ගේ ආකල්ප, සහ ඔවුන් බිහි කිරීමට බලාපොරොත්තු වන සමාජය ගැන මා සිත තුල ප්‍රශ්නාර්ථ දහසක් ඉතිරි කරමිනි.

සිංහල බෞද්ධ හෝ කතෝලික හෝ නිර් ආගමික හෝ කාට වුවත් අප සැමගේ අරමුණ මේ ලෝකය අපෙන් පසු බිහිවන ඊළඟ පරම්පරාවට වඩා යහපත් තැනක් කිරීමටයි. අප අතර මත ගැටුම ඇත්තේ එසේ බිහි කරන සමාජය කුමක්ද එසේ බිහි කරන්නේ කෙසේද යන කාරණය ගැන පමණි.

සාම්ප්‍රදායික නොවන නූතන චින්තනයෙන් යුත් මුසල්මානුවන් යනුවෙන් තමා හඳුන්වා ගන්නා, අපත් සමඟම එදිනෙදා ජීවත් වෙන බොහෝ මුස්ලිම් තරුණ පිරිස් අනාගතය ගැන සිහින දකින්නේ මෙලෙසය. ඔවුන් යහපත් සමාජයක් ලෙස අර්ථ දක්වන්නේ මෙවන් ලෝකයකි. යහපත් සමාජයක් බිහි කිරීමට ඔවුන් අදහස් කරන්නේ එවන් ක්‍රම වලිනි.

ඒ බවට මගේ මිත්‍ර මොහොමඩ් පමණක් නොව ලංකාවේ ජීවත් වන තවත් මොහොමඩ් ලා දහස් ගණනක් සාක්ෂි දරාවි.

සිතීමට පවා බියකරු සමාජයක් නිර්මාණය කිරීම අරමුණු කොටගත් විශ්වාස පද්ධතියක් තම ලෝක දැක්ම කරගත් මිනිසුන් සැලකිය යුතු ප්‍රමාණයක් සමඟ අප ජීවත් වන්නෙමු. අප දරුවන් ජීවත් විය යුත්තේ ඔවුන්ගේ මතවාද වලින් පෝෂණය වූ ඔවුන්ගේ දරුවන් සමඟයි.

අප ඉදිරියේ ප්‍රශ්නයක් ඇත. එය අවිවාදිතය.

ප්‍රශ්නය වන්නේ ඔවුන්ගේ ජාතිය නොව, ඔවුන් පිළිගන්නා විශ්වාස පද්ධතිය තුළින් ඔවුන් මත ඇති කර තිබෙන ලෝක දැක්මයි. ඉස්ලාම් දහම යන ලෝක දැක්ම තම විශ්වාසය කරගත් මිනිසුන් සමඟ එකට ජීවත්වන්නට සිදුවීම සැබවින්ම ප්‍රශ්නයකි. මෙය අපට පමණක් නොව මුළු මහත් ශිෂ්ඨ මනුෂ්‍යය සංහතියටම මුහුණ දෙන්නට සිදුව ඇති දරුණුතම ගැටළුවකි.

අප මේ ප්‍රශ්නය විසඳන්නේ කෙසේද? අප මේ ප්‍රශ්නය විස‍ඳන්නට තෝරාගන්නා මාර්ගය කුමක්ද? අප මේ ප්‍රශ්නය විසඳන්නට ගොස් තවත් ප්‍රශ්න කොපමණ ඇතිකරගනීවිද..

යන කාරණය මත අපගේ දරුවන්ගේ අනාගතය තීරණය වනු ඇත.

ප/ලි -

01. මගේ මිත්‍රයාගේ සැබෑ නම මොහොමඩ් නොවේ. සැබෑ නම සඳහන් නොකලේ හිතාමතාමය.

02. මෙහි එක මිත්‍රයෙක් සමඟ කල සංවාදයක් දැක්වුවද මේ කාරණය ගැන මගේ හොඳම මිතුරන් වූ මුසල්මානුවන් දෙදෙනෙකු සමඟ සාකච්ඡා කර ඇත. දෙදෙනාගේම අදහස එකිනෙකාගෙන් වෙනස් වූයේ නැත.


උපුටාගත්තේ මෙතැනින්

http://magewalpal.blogspot.com/2017/06/blog-post.html

25 comments:

  1. මුසල්මානුවො කියන්නෙ පොඩි කාලෙ ඉඳල brain wash කරපු ජාතියක්. කොච්චර ඉගෙන ගත්තත්, මොන බටහිර රටේ හැදුනත්, කොටු කරපු චින්තනයෙන් එලියට එන්නෙ නෑ. එහෙම out of box හිතන්නවත් බෑ. රජයේ අවවාදය : මුසල්මානුවන් සමග මොන දේ කථා කළත්, ඔවුන්ගේ ආගම ගැන කථා නොකළ යුතුයි.

    ReplyDelete
    Replies
    1. ඔය කියපු කතාව බෞද්ධ, කතෝලික බහුතරයකට අදාලයි. ඔක්කොමල්ලාව බ්‍රේන් වොශ් කරලා තමා තියෙන්නේ. නමුත් මුසල්මානුවන්ගේ ගොන් කම් වලින් අත්වන ප්‍රතිපල භයානකයි, ඔය අනිත් ගොන්නුන්ගේ ගොන් කම් වලින් ලැබෙන ප්‍රතිපල වලට වඩා. ඒකයි කේස් එක.

      Delete
    2. අන්න හොදයි උඹ රිප්ලයි කරහං මචං

      Delete
    3. මොන ආගමෙනුත් කරන්නෙ යම්තාක් දුරකට brain wash කිරීමක් තමයි. බුද්ධාගමේ නම් වැරදි කළොත් කර්ම විපාකයට මුහුණ දෙන්න වෙනවා. ක්‍රිස්තියානි සහ හින්දු ආගම්වල වැරදි කළොත් දෙවියො උදහස් වෙන නිසා අපායට යන්න වුණත් පුළුවන්. මේ ආගම්වලින් කරන්නෙ වැරදි කිරීමට බයක් ඇති කිරීම සහ දෙවියන්ට බය පක්ෂපාතීත්වය ඇති කිරීම. මෙය එක්තරා දුරකට සමාජය යහපත්ව තබා ගැනීමේ ප්‍රවණතාවයක්, නැත්නම් මිනිස්සු බය වෙන්නෙ නීතියට විතරයි. හැබැයි මුස්ලිම් නොවන අනිත් ආගම් අදහන ගොඩක් දෙනෙක් වර්තමාන විද්‍යාත්මක චින්තන දියුණුවත් සමග තමන්ව පොඩි කාලෙ ඉඳන් brain wash කරපු ආගම් දිහා වියුක්ත මනසිකින් බලනවා. උදාහරණෙකට බයිබලයෙ තියෙන ලෝකය මැවීම, මිනිසා මැවීම වගේ දේවල් වර්තමාන පරිණාමයවාදය සමග බොරු වෙන නිසා ඒ ආගම් අදහන්නන් තුළ තියෙන ආගම්වලට වහලුන්වීම, ක්‍රමයෙන් ඉවත් වෙලා නිදහස්ව හිතනවා. නමුත් මුසල්මානුවෙක් මේ චින්තනයට කවදත් එන්නෙ නෑ. ඔබට මෙය බලා ගන්න පුළුවන් විද්‍යාත්මක පසුබිමක් තියෙන මුසල්මානුවෙක් සමග පරිණාමවාදය ගැන කථා කිරීමෙන්.

      Delete
  2. Replies
    1. මොකක්ද මේ කොටු දෙක

      Delete
    2. කොටු පනින්න එපා කියල

      Delete
    3. නෑ බං පනිනවනං උපරිමේ කො‍ටු දෙකකට යටත්ව පැනපං.. ඊට වඩා එපා කියල

      Delete
  3. අටන්,

    මම ඉගනගත්තේ පුද්ගලික පාසලක, මේ පාසල ක්‍රිස්තියානි පාසලක් උනත් මම යනකාලේ රටේ බලවත් මුස්ලිම් නායකයන් කීපදෙනෙක් ආදී ශිස්ෂයන් උන නිසා අපේ පන්තිවල බාගයක්ම සිටියේ මුස්ලිම් ළමයි.

    ඔය උඩ Prabath කියල තියනවා
    //මුසල්මානුවො කියන්නෙ පොඩි කාලෙ ඉඳල brain wash කරපු ජාතියක්. කොච්චර ඉගෙන ගත්තත්, මොන බටහිර රටේ හැදුනත්, කොටු කරපු චින්තනයෙන් එලියට එන්නෙ නෑ//

    මේ කතාව සම්පුර්ණ ඇත්ත ඔය අටන්ට කියලතියන
    "මෙහෙමයි මචන්. දැනට රටේ නීතියක් තියෙනවානෙ. පවතින රටේ නීතියට උඩින් යන්න එපා කියලයි අපේ ආගමේ උගන්නන්නේ. "
    කතාව එන්නේ කුරානයේ තියනවා රටක සුළුතරය මුස්ලිම් වරු නම් රටේ නීතියට ගරු කරන්න බහුතරය සමග සාමයෙන් ඉන්න කියල, නමුත් යම්විදියකින් රටේ බහුතරය වෙනවනම් ඉතිරි අය ඉස්ලාම්බක්තිකයන් කරන ලෙසත් විරුද්ද වෙන පිරිස මරාදමන ලෙසත් කුරානයේ සදහන් වෙනවා.

    මේවා මෙහෙම තියෙද්දී සමහර බුද්දහගමේ පැවිදි හාමුදුරුවරු ඉන්නවා මුස්ලිම් ආගමේත් උගන්වන්නේ කරුණාව සාමය ගැනයි කියල, මේ අය බුදුදහම දන්නෙත් නෑ ඉස්ලාම් දර්මය දන්නෙත් නෑ.

    මේ ප්‍රශ්නය විසදන්න ඕනේ මුස්ලිම් ජාතිකයන්ට අඩත්තේට්ටම් කරමින් නෙමෙයි, මෙයට මුහුණදෙන්න ඕනේ රටේ පවතින නිතිය ඉතා දැඩිව ජාතිවාදයට විරුද්දව ඇතිකිරීමෙන් .

    මෙතැනදී සිංහල බුද්දහගම් මිනිස්සු ගැනත් හාමුදුරුවරු ගැනත් කියන්න දෙයක් තියනවා, රටේ මම අහල තියනවා සිංහල හාමුදුරුවරු කියනවා "ජාතිය බෝකරපියව්, ජාතිය බෝකරපියව් කියන " මට අහන්න තියන සරල ප්‍රශ්නය සිංහල දරුවකු රජයේ පාසලකට දමාගන්න කොච්චර අමාරුද ? ක්‍රිස්තියානි, මුස්ලිම් දරුවෙකු පාසලකට දමාගැනීම එයට වඩා කොච්චර පහසුද කියන දේ ගැන කතා නොකර නිකන් බයිලා ගහනවා, මේ දරුවෙකු ගෙවන පාසලකට යවන වනම් බොහෝවිට කාර්තුවකට රුපියක් 20000 ක් ගෙවන්න ඕනේ මම දැකල නෑ රටගැන ජාතික කැක්කුමෙන් බෙරිහන් දෙන මේ යුග පුරුෂයෝ මේවට විසදුම් දෙනවා, අඩුගානේ මේගැන කතාකරන්නේ කියෙන් කි දෙනාද ?

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ ඔය ඔබ කියන තැන .... එකගයි ඔබේ අදහසට ... ඔය කමෙන්ට් එක ලින්ක එකේ තියන බ්ලොග් එකට දාන්න

      Delete
  4. මේ කතාව ඇත්ත . මගේ මුස්ලිම් යාළුවන්ගෙත් අදහස මෙයයි. කෙනෙක් හිටියා ඔහු ඉතා අන්තවාදී . බින්ලාඩන්ගේ ඡායාරූපයක් ඔහුගේ ජංගම දුරකථනයේ පවා තිබුණා . ඔහු කීවෙ සැබෑ මුස්ලිම්වරයෙක් එලෙස ක්‍රියා කල යුතු බවයි.නමුත් දැන් ඔහු අතිශයින් නවීන වෙලා. ඔහුගේ පෙම්වතිය චීන යුවතියක් . ඒත් ඔහු ඒ පෙම්වතිය ගැන ගන්නා ඉදිරි ක්‍රියාමාර්ගය ගැන නම් කිසිඳු සැකයක් නෑ.

    මගේ දමිළ මිතුරෙක් ඉන්නවා දැඩි හින්දු භක්තිකයෙක්.ඔහු පවසන්නෙ මාංශ ආහාර ගන්නා අය ගැන ඔහු දැඩි වෛරයෙන් පසුවන බවයි.මටත් වෛරකරනවද කියා ඇසුවම ඔහු නිහඬ වෙනවා.

    ඔවුන්, අප බලාපොරොත්තු වන,යහපත් සමාජය පිළිබඳ සංකල්පය ගැන අපි අතර අනෙන්‍ය අවබෝධයක් නැති බවයි මගේ වැටහීම.

    ReplyDelete
    Replies
    1. මමත් ඉන්නේ ඔය ඔබ කියන තැන .... එකගයි ඔබේ අදහසට ... ඔය කමෙන්ට් එක ලින්ක එකේ තියන බ්ලොග් එකට දාන්න

      Delete
  5. බොහොම හොඳ මිනිස්සු ඉන්නවා.නමුත් පල්ලියෙන් එන එක වචනෙට එකට කන බොන එකා මරලදාන්න උනත් දෙපාරක් හිතන්නෑ.ඒක තමයි ඇත්ත තත්වෙ.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ජය වෙන්ඩ කියුවේ එකට ඉන්න එකා මරලා දානවටද ....හෙහ් හෙහහ් ... ඔය කමෙන්ට් එක ...අර තියන ලින්ක් එකට දාන්ඩ මචං

      Delete
    2. මම නම් දන්නේ මෙච්චරයි. සිංහල බහුතරයක් ඉන්න පළාතක දෙමළ හෝ මුස්ලිම් වැසියෙකුට තමන්ගේ රස්සාවක් කරගෙන් දෙයියනේ කියලා ජීවත් වෙන්න ඉහටත් උඩින් නිදහස තිබුණත්, දෙමළ හෝ මුස්ලිම් බහුතරයක් ඉන්න පළාතක සිංහල ජාතිකයකුට එවැනි නිදහසක් ගැන හිතන්න පුළුවන් කමක් නෑ කියන එකයි.

      Delete
    3. හරියටම හරි නිරංජන්

      Delete
  6. අනෙකුත් ආගම් වලට වැඩිය මුස්ලිම් ජාතිකයින් ආගමෙන් හිර කරනවා වැඩියි. අනෙක් ආගමිකයින් අළුත් දේවල් හා මුහු වුනත් ඇදුමෙන් පැලදුමෙන්වත් විශේෂයෙන් කාන්තාවන් ලෝකයත් සමග මුහු නොවීම භායනකයි

    ReplyDelete
  7. අසමි දකිමි විචාරක මහතා නිහඩයි හේතුවක් ඇත්නම් දන්වන්න

    ReplyDelete
  8. විචාරකතුමා අප අතරින් සමුඅරන් දැනුයි දන්නෙ විචාරකතුමනි ඔබට නිවන්සුව පතමි 23 අප් 23 කට් 23 අප් 23 කට් 23 අප් 23 කට්

    ReplyDelete
    Replies
    1. ඔව් බං එතුමා ගියානේ කලින්ම

      Delete
  9. විජේදාස අපේ අධිකරණ ඇමති සහ බුද්ධසාසන ඇමති..විජේදාස මේ කාලේ වීරයෙක්..විජේදාස දැන් බුද්දසාසන ඇමති කම ඔලුවට අරං එක එක චන්ඩි පාට් දානවා.. ඒත් අධිකරන ඇමති විදියට ඒ විජේදාස අවුරුදු 12 ළමයි විවාහ කරගැනීමේ මුස්ලිම් නීතිය නොදැක්කා සේ ඉන්නවා..ඔන්න හොමයි අපේ සිංහල බෞජ්ජ නායකයෝ කියන ජාතිය..

    පහුගිය දවසක පාඨලී සිංහයා වගේ කතා කරනවා අපේ රටේ අන්තවාදය සහ ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදය ගැන...ඒත් ඔය පාඨලීලටම මෙගාපොලිස් කියල රැගුවට එදා ගෝඨාබය කැඩුවා වගේ එක මුස්ලිම් අනවසර ඉදිකිරීමක් කඩන්න පුලුවන්ද? බෑ.. මොකුත් කරන්නෙ නෑ කරන්නත් බෑ..ඒත් කටින් අම්මෝ මාර පොරවල්..
    පාඨලී ගයනවා ගැයිල්ලක් රටවල් හැම එකේම මුස්ලිම් අය ඒමලු..එතකොට ඒ උන්දැට අමතක වෙනවා අපේ රටේ ගෑනු ලක්ෂයක් ගිහින් අරාබියේ අරාබි ගෙවල් වල වලං හෝදනවා..අපේ මිනිස්සු එහේ ගිහින් උන්ට පක්කිල් කම් කරලා තුට්ටු දෙක හම්බෙනවාය කියලා..

    අපි වැඩි වැඩියෙන් පැටවු දාලවත්, වැඩි වැඩියෙන් තම්බි කඩ ගිනිතියලවත්..තෝරල බේරල සිංහල කඩවලින් කාලවත් මේ පස්න විසදන්න බෑ.. අපිට රටක් විදියට හරි හැඩයක් තියෙන්නට ඕනි..අඩුතරමේ අපෛ් වලං හෝදන ගෑනු ටික මෙහෙ ගෙන්ගන්න උන්ට රස්සා දෙන්න ක්‍රමයක් ඕනි...

    ඔය තම්බි රජවෙලා ඉන්න නැගෙනහිර සංචාරක හෝටල් ගහන්න ඕනි..උන් රන් කරන මූදු වෙරලවල සුද්දියෝ හෙලුවේන ඇවිද්දවන්න ඕනි... ඒත් එහෙම කරන්න මොකෙක්වත් නෑ..හැමෝම තම්බි කඩේට ගලක් ගහල ඇවිත් බුකියපෛාරටෝක් දෙනවා අපි තම්බි නැතිකලා කියලා..

    ReplyDelete
  10. උඹ නෙවෙයිද ලිව්වේ ? මම ඒත් බැලුවා අටමා මෙච්චර සංයමයකින් මේ වගේ මාතෘකාවක් ලිව්වේ කොහොමද කියලා.

    ReplyDelete
  11. මැදපෙරදිග ඉන්න මං ආශ්‍රය කරපු/කරන මුස්ලිම් මිනිස්සු සීයක් ගත්තොත් සියක් විදිහයි, හොඳ මිනිස්සුත් ඉන්නවා හැබැයි මොළේ වැදිච්ච නැති අන්ධ එවුන් වැඩියි ... :(

    ReplyDelete
  12. අටං අය්යේ ඔය වෙන්න යන දේ ගැන උඹ, මම වගේ තාත්තලට කැසිල්ලක් තිබ්බට ,රකින්න පරපුරක් නැති රටේ ලොකු තැන් වලට ගානක් නෑ ..දියවන්නාවෙන් වට වෙච්ච තැනේ ඉන්න උන්ට ඕවා පෙන්නේ නෑ .පෙනුනත් පෙන්නේ නෑ වගේ ඉන්නවා .ඔන්න අද කියලා තියෙන්නේ උප ජනාදිපති කම් දෙන්න කියලා හිටං .මෙතන තියෙන්නේ ජාතිවාදයට වඩා දරුණු ව්‍යප්තිවාදයක් .වැඩිය නෙමෙයි තව අවරුදු විස්සක් හිටියනම් ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්....

    ReplyDelete

අදාල පාර්ශවයකින් ඉල්ලීමක් ක‍ලහොත් හැරෙන්නට කිසිදු අදහස් දැක්වීමක් ඉවත් කරන්නේ නැත

කමෙන්ට් වලට ලින්ක් දානකොට
<a href="LINK HERE"> WORDS HERE</a>