‘‘ ලක්මාල් මහත්තයට ලයිසන් නැද්ද ‘‘
‘‘ නැ මල්ලි ‘‘
‘‘එහෙනං බයික් පදින්නෙ ‘‘
‘‘ බයික් වලට තියනවා ‘‘
‘‘ ඒක මිසක් , ඉතින් ගත්තනං හරිනෙ ‘‘
‘‘ එලවන්ඩ බෑනේ ‘‘
‘‘මං පුරුදු කරන්නං ‘‘
‘‘ බොසුත් කියුවා ‘‘
‘‘ මොකක්ද ‘‘
‘‘ඔයාට කියල පිට්ටනියට දාගන පුරුදුවෙලා ලයිසන් ගනින් කියලා ‘‘
‘‘ඒකනේ මං පුරුදු කරන්නං .. හැබැයි ඔය පිට්ටනි කතාව කොල්ටි නැ ‘‘
‘‘ඒ කියුවේ ‘‘
‘‘ඉක්මනට හරියට පුරුදු වෙන්ඩ නං පාරටම බහින්ඩ ඕන එකෙන්ම ‘‘
‘‘අනේ මේ .... මං බයික් ලයිසන් ගත්තේ බයික් එකක් අරගත්තට පස්සේ .... කාර් එකක් අරගන පුරුදු වෙනවා ‘‘
‘‘ඔහොම හිතුවනං අපිත් ... හෙහ් හෙහ් ‘‘
‘‘ඇයි මොකද උඹ හිනාවෙන්නෙ‘‘
‘‘අපේ අයියා මට සෙනග පිරුන බස් එක දීලා තියනවා ලයිසන් නැති කාලේ හපුතලේ බස්සන්ඩ‘‘
‘‘යකෝ මිනිස්සු එක්ක‘‘